Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Stay Safe - Application
Every one should register using this app for their details

හෝටල් පාඨමාලා
අාරච්චිකට්ටුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැකියා අපේක්ෂිත දරුවන් සදහා අාරම්භ කරන ලද සංචාරක හෝටල් පාඨමාලාවේ ලිඛිත හා ප්රායෝගික පරීක්ෂණය ප්රා.ලේ.කාර්යාලයේ ශ්රවණාගාරයේදී 2020.08.19 දින විශේෂ අවස්තා.

සංචාරක හෝටල් ප්රායෝගික පුහුණුව ලබාගැනීම සදහා සම්බන්ධවන දුදරුවන් වෙනුවෙන් සුභාශිංසන එක් කල ප්රාදේශීය ලේකම් තුමා තම ඉලක්කයන් සදහා ළගාවීමට තමන් තුළ දැඩි කැපවීමක් හා අවශ්යතාවක් තිබිය යුතු බවත් එතුලින් රටට වැඩදායී පුරවැසියෙකු වීමට අදිටන් කරගත යුතු බවත් වැඩිදුරටත් සදහන් කලා..


!!!!! ස්තුතියි !!!!!
වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන
අනාගත රැකියා ලෝකයට අවශ්ය සුදුස්සෙකු වීමට නම් තම හැකියාව හොදින් අවබෝධ කරගනිමින් වෘත්තිය පළපුරුද්ද ලබාගනිමින් හෙට දවසේ තම ඉලක්ක සපුරාගතයුතු අයුරුත්, එතුලින් රටට අාඩම්බරවිය හැකි පුරවැසියෙකු වන්නේ කෙසේද ?යන්න පැහැදිලි කරමින් සංචාරක හෝටල් පාඨමාලාව හදාරන දරුවන්ට හා ඔවුන්ගේ දෙමව්පියන් සදහා පැවැත්වු වෘත්තීය මාර්ගෝපද්ශ වැඩසටහන...

!!! ස්තුතියි !!!
අංකුර සමාජ ව්යවසායකයෙකුගේ ඉස්සන් ගොවිපොළ නිරීක්ෂණය ප්රාදේශීය ලේකම් තුමා සමගින් 2020/07/16 දින සිදු කෙරිණි.අප කොට්ඨාසයේ ඉස්සන් ගොවිපොළ 273ක් වන අතර වගාකරුවන් 240ක් වේ.කුඩා වෛරන්කට්ටුව චමින්ද මහතාගේ ගොවිපොළේ අස්වනු නෙලීම සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කරන ලදී.


ඉස්සන් වගාව වෙනමම සංස්කෘතියකි.අස්වනු නෙලීම සවස් කාලයේ ඉර බැස යන මොහොතේ ආරම්භ කරන අතර අනෙකුත් කාර්යයන් ඒ අතරතුර මනාව කළමනාකරණය වන්නේ ඉතාමත් කාර්යක්ෂම ලෙසය.පොකුණු වටා ගමන් කරන විට කුඹුරක නියර වටේ ගමන් කරන්නක් වැනිය.කෘෂිකර්ම ක්ෂේත්රයේ ‘අත්තම’මතක් වීමද තවත් සුවිශේෂී කරුණකි.එතරම් සහයෝගයක් ලැබෙන බව නිරීක්ෂණය වුයේ ගොවිපොළ හිමිකරුවාට අනෙක් අයගෙන් ලැබෙන සහයෝගය තුලිනි.වී වගාවේ ‘කුරුළු පාළුව’සිහියට නගමින් යාබද ඇල මාර්ගයේ මාළු සහ ඉස්සන් ඇති වීමට ඉඩ හැරීමෙන් නැති බැරි අයවළුන් සහ සතුන් සඳහා ආහාර ලෙස ගැනීමට අවස්ථාවක් හිමි වේ.මෙමගින් වගාව ආරක්ෂා වන බවත් පරිසර හිතකාමී බවත් ගොවිපොළ වටා ඇති කඩොලාන පරිසරයෙන් මොනවට පැහැදිලි වේ. ‘තේ රස බලන්නෙක්’මතක් කර දුන්නේ ඉස්සන්ගේ සුවඳ,පැහැය සහ ඇල්ගී ආදිය පරීක්ෂා කරන අයුරිනි.එය පුරුදු පුහුණුවෙන් කරන කාර්යක් බව පැහැදිලි විය.

පොකුණු වටේ ඇවිද යාමේදී සිරුරේ නිරෝගී බවට හේතු වන බව ගොවිපොළ හිමිකරු පවසයි.කොට්ඨාසයේ අවට ජනතාවට රැකියා අවස්ථා ලබා දෙමින් සහයෝගයෙන් කටයුතු කරගෙන යන අතර ‘චමින්ද අයියා’යන නමින් සමාජ බැදීමක් ගොඩ නගාගෙන ඇත.
තව දුරටත් නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි වුයේ ගොවිපොළ ආශ්රිතව කඩොලාන පැල සිටුවා ඇති බවත් ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් තොර කලාපයක් බවත්ය. ‘පරිසරය විනාශ කරගෙන මෙම ව්යාපාරය කළ නොහැකි’ගොවිපොළේ අයිතිකරු විසින් පවසන ලදී.ඔහු ඒ සඳහා බැදීමක් ඇති කරගෙන ඇති බව ගොවිපොළ දෙස බලන කා හටත් පැහැදිලි වේ.එය අනෙක් වගා කරුවන්ටත් මහඟු ආදර්ශයකි.


භූමිය ඵලදායි ලෙස භාවිතා කරමින් පරිසර සංරක්ෂණය කරමින් ජලජ සම්පත තුලින් විදේශ විනිමය ඉපයීම සඳහා ඔහු ගන්නා මෙම වෑයමට සමගාමී වන ආයතන,දෙපාර්තමේන්තු සහ විශ්වවිද්යාල දායක විය යුතුය.
පැටවුන් තැන්පත් කිරීමේ පටන් අස්වනු නෙලීම දක්වා කරනු ලබන කැපවීමත් බදු මුදල් ගෙවමින් තිරසාර සංවර්ධනය සමග බැදී පැවතීම ඉතා වැදගත් වේ.



















